Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල, අවදානම් සහිත ස්ථානවල මාර්ගය දෙපසටම ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර් 500ක පමණ ප්‍රමාණයක් ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කර සිටියේ.

ඉන් කිලෝමීටර් 15ක පමණ ආරක්ෂිත වැට ඉදිකිරීම අවසන් කර ඇති බවත්, පසුගිය කාලයේ රිය අනතුරු සිදුවූ ප්‍රදේශ කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ යටතේ මහනුවර, මාතලේ හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇති මාර්ගවල අවදානම් ස්ථාන සඳහා ද ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.