නඩුවක් පැවරීමේදී පැහැදිලිව ඔප්පු කරගත හැකි ලෙස පැවරිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.
ඒ අනුව තමන්ට විරුද්ධව මාස දෙකක් උසාවි දෙකක තරගයට නඩු පැවරූ බවත්, කොළඹ නඩුවට ඇප ලැබෙන විට බදුල්ල උසාවියේ නඩු පැවරූ බවත්, බදුල්ල උසාවියෙන් ඇප ලබාදෙන විට තවත් චෝදනාවක් තමන්ට ඉදිරිපත් කළ බවයි අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ඇප අවළංගු කිරීම සඳහා තමාට එල්ල කළ චෝදනාව වී තිබුණේ, තමා බන්ධනාගාරගතව සිටියදී තම බිරිඳ විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් කරන ලද ඉල්ලීමක් අනුව, ඔහු විසින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ඔහුගේ බිරිඳ පවසන දේවත් සිදු නොකරන පුද්ගලයෙක් බවත්, රනිල් යනු ‘වඳුරන්ගෙන් බණ අසා, ජේතවනාරාමෙට ගල් ගසා, නේරංජනා නදියෙන් එගොඩ වුණු මිනිහෙක්’ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.