දිනපතා ඉහළ යන රිය අනතුරු වළක්වා ගනිමින් මාර්ගය සැමට සුරක්ෂිත තැනක් බවට පත් කිරීම සඳහා පාසල් සිසුන් මූලික කරගෙන ‘Take Care - සුරැකෙමු මගතොට’ යන තේමාව යටතේ දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් පාසල් පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කිරීම පිණිස සැලසුම් කර තිබෙන බව රජය පවසනවා.
එම ව්‍යාපෘතිය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යන ආයතන එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් සැලසුම් කර ඇති බවයි සඳහන් වෙන්නේ.
පාසල්වල රිය නියාමක කණ්ඩායම් සහ ශිෂ්‍ය නායකයින් සම්බන්ධ කර ගනිමින්, අධ්‍යාපන කලාප 100ක යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන අතර, එක් කලාපයකින් සිසුන් 500 බැගින් සමස්ත සිසුන් 50,000ක් සෘජුවම මෙම වැඩසටහන හා සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙන බව සඳහන්.
ඒ අනුව, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ අදාළ ආයතනවල සහයෝගය ඇතිව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.

