යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද (19) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
ඒ අනුව ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය පවත්වා තිබෙනවා.
මේ සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, මාර්ෂල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක අතුළු රණවිරුවන් විශාල ප්‍රමාණයක් සහ ඔවුන්ගේ ඥාතීන් රැසක් සහභාගීවී තිබෙනවා.












