අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ඔහු අද (19) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඉඩම්වලට අදාළ පිඹුරු අනුමත කිරීමේදී රජයට රුපියල් ලක්ෂ 03කට අධික මුදලක් පාඩු කළේ යැයි සැකකාර මිලාන් ජයතිලක හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.