16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව, අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256කට උසස්වීම් ලබාදී ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848කට උසස්වීම් ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
එසේම ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093ක් සඳහා ද උසස්වීම් ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.