Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් අද (19) දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බවද එහිදී දන්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර පවතින ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යය ඉක්මණින් අවසන් කිරීමට අවශ්‍ය බව එහිදී අමාත්‍යවරයා විසින් දැනුම් දී ඇති අතර, එහිදී දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් එම කටයුතු නිම කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බව තානාපතිවරයා දන්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.