Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් ලුණු මිලදී ගැනීම, ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක පවසනවා.

ජනතාව ලුණු පැකට් 10 - 12 රැගෙන ගොස් මාස 5කට 6කට ප්‍රමාණවත් පරිදි ලුණු රැස්කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ.

වෙළෙදපොල තුළ ලුණු හිගයක් නොමැති බැවින්, අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලුණු මිලදී ගැනීම් සිදුකරන ලෙසයි ඔහු ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.