අධිකරණ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිටින බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරන්නේ.
යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත් හා තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වන බවද එම සංගමය සඳහන් කර තිබෙනවා.
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇති බවත්, එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසත්, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරී ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
