Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

72 වන Miss World තරගාවලියේ Talent Competition තරග අංශයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා.

Talent Competition මූලික වටයෙන් ලොව සෑම මහාද්වීපික කලාපයක්​ම නියෝජනය කරමින් රටවල් රැසක් තරග කර ඇති අතර අනුදි ආසියාව සහ ඕෂනියාව මහාද්වීපික කළාපයෙන් අර්​ධ අවසන් පූර්ව වටයට තේරී පත්වූ තරගකාරියන් 13 දෙනා අතරට තේරී පත්වී තිබෙනවා. 

Asia and Oceania කලාප‍යෙන් අර්​ධ අවසන් පූර්​ව වටය​ට ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර හැරුණුවිට ඉන්දියාව, වියට්නාමය, පිලිපීනය, බංග්ලාදේශය ඇතුළු රටවල 13 ​ක රූ රැජිණියන් තේරී තිබෙනවා. 

එමෙන්ම ඇමෙරිකාව සහ කැරිබියන් දූපත් නියෝජනය කරමින් රටවල් 10 ක්, අප්‍රිකාව නියෝජනය කරමින් රටවල් 09 ක්, යුරෝපය නියෝජනය කරමින් රටවල් 16 ක රූ රැජිණියන් Talent Competition හි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බවයි දැක්වෙන්නේ.