Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්වී තිබෙනවා.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ අද (18) පැවති අවසන් මහා තරගයේදී කොළඹ ඉසිපතන විද්‍යාලය විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 - 9 ක් ලෙස පරාජය කිරීමට සමත් වුණා.

පළමු අර්ධයේදී ​ද ලකුණු 7-6 ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ ගෙන සිටි අතර දෙවන අර්ධයේදී තවත් ලකුණු පහක් එකතු කරගැනීමට ඔවුන් සමත්වුණා.

ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2 ක් හා එක් ප්‍රවර්තනයක් සාර්ථක කරගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.