කොටහේන පොලිස් වසමේ සුමිත්‍රාරාම පාර ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලීසියට භාරවී තිබෙනවා.
ඒ අනුව අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු හා අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු නීතිඥවරුන් මාර්ගයෙන් ඊයේ (17) කොටහේන පොලිස් ස්ථානයට හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 17 හා 18 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර සැකකරුවන් අද (18) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය 16 වනදා කොටහේන පොලිස් වසමේ සුමිත්‍රා මාවත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට හා කාන්තාවකට බරපතල තුවාල සිදුකළා.