ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඉලක්ක කර නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවතේදී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසනවා.
ප්‍රහාරය එල්ල වන මොහොතේ තුසිත හල්ලොලුව ඇතුළු පුද්ගලයින් තිදෙනෙක් එම වාහනයෙහි ගමන් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෝටර් බයිසිකලයක පැමිණි වෙඩික්කරුවන් තුසිත හල්ලොලුවට අයත් වාහනයේ තිබූ ලේඛන අඩංගු ලිපිගොනුවක්ද රැගෙන පලාගොස් ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ජනාධිපතිවරයා ගැන අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දොර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබූ අතර පසුගියදා ඒ සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශයක්ද ලබාදී තිබුණා.