Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අධිකරණ විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශය අසළ දී විරෝධතාවක නිරතවීම හේතුවෙන් මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අද (16) දහවල් 12.00 සිට හෙට (17) සවස 5.00 දක්වා කොළඹ රෝහල් චතුරශ්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා ඇති ප්‍රදේශයට ඇතුළුවීමෙන් වළකින ලෙසයි අධිකරණයට නියෝග කර තිබුණේ.