වංචා දූෂණවලට එරෙහිව ජනවරම ඇති ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට හා දුර්වල කිරීමට උත්සාහයන් දරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
ඒ අනුව එවැනි උත්සාහයන් හි තවත් එක් උත්සාහයක් ලෙස, රනිල් වික්‍රමසිංහ හා නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස කලබලයක් ඇති කිරීමට සූදානම් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අරගලයෙන් පසුවද රාජපක්ෂ පවුලේ වංචා දූෂණ සියල්ල ආරක්ෂා කිරීමට පිනට ලැබුණු ජනාධිපති ධුරය භාවිතා කළ බවට සමාජයේ කියවීමක් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.