Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්, එළඹෙන පැය 24 තුළ ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව පැවති රජයයන් වෙතින් පවා සිය ඉල්ලීමි දිනා ගැනීමට සිදුවුණේ වැඩ වර්ජනවලින් බවත්, මෙම රජයට සාධාරණ කාලයක් ලබා දුන්නද, මැතිවරණ තුනක් අවසන් වී යම් කාලයක් ගතවී ඇතත්, සිය ගැටලු සඳහා සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.

ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට කිසිවක් ඉල්ලීම් නොකරන ලෙස සඳහන් කළ ද, රජයට බරක් නොවන සිය උසස්වීම් හා බඳවාගැනීමේ ක්‍රමවේද යථාවත් කිරීම සඳහා තීන්දු නොගැනීම, ලබාදිය යුතු ‍විදේශීය පුහුණුවීම් ලබා නොදීම ඇතුළු ගැටලු ගණනාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා මේ වන තෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා යම් යම් මැදිහත්වීම් සිදුකළ ද ඒවා ඉටුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බවත්, මේ හේතුවෙන් එළඹෙන පැය විසිහතර හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත්, ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.