පළාත් පාලන මැතිවරණයේදී බහුතර ජනතාව ඡන්දය භාවිතා කළේ ජාතික ජන බලවේගයට බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් පවසනවා.
ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතික්ෂේප වූ සුන්බුන් කණ්ඩායම් එක්ව බලය පිහිටුවීමට දැන් සූදානම් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
සුන්බුන්වලින් සභා සෑදිය නොහැකි බවත්, එය අච්චාරුවක් හා කැඳ හැලියක් බවට පත්වන බවත්, මාසයක් ගතවන විට මන්ත්‍රීවරුන් ‘පැනීම’ ආරම්භ වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
සමගි ජන බලවේගය පාලනය කර ගැනීමට නොහැකි සජිත් ප්‍රේමදාසට අනෙකුත් පක්ෂ එක් කර ගනිමින් සාමූහික තීන්දු ලබා ගැනීමට හැකිදැයි ගැටලු සහගත බවත්, ආණ්ඩුවට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ඉඩ ලබාදී පැත්තකට වී සිටීම හොඳම දෙය වන බවයි නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.