මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් (ඩෙිසි ආච්චි) යන අයට අදාළව සිදුකළ පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අය අධිකරණයේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.
එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බවට සඳහන් කර ඇති අතර, එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.