ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙකුට නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන තිබුණු සිසුන් 10 දෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
සැකකාර සිසුන් අද (16) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ චරිත් දිල්ශාන් නමැති සිසුවා ඉකුත් අප්‍රේල් 29 වැනිදා දිවි නසාගෙන තිබූ අතර, පසුව ඔහු මියගියේ නවක වද සිදුවීමක් හේතුවෙන් බවට එම විශ්ව විද්‍යාලයේම තවත් සිසුන් පිරිසක් විසින් පැමිණිලි කර තිබුණා.
ඒ සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශනවලට අදාළව මෙම සිසුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.