00:00 : 2022 අරගලයේදීත් මේ වැඩේම තමයි සිද්ධවුණේ.
00:02 : ජනතාව විසින් පයින් ගහලා දොට්ට දාපු රාජපක්ෂ චෞර නඩය රනිල් වික්‍රමසිංහ විසින් තමයි රකින්නේ.
00:07 : මේ වෙනකොට නාමල් රාජපක්ෂලා දන්නවා, රාජපක්ෂ චෞර කණ්ඩායම දන්නවා, තොණ්ඩුව බෙල්ලට හිරවෙන්න ආසන්නයේ කිට්ටු වෙලා තියෙන්නේ කියලා.
00:16 : ජම්පරය අඳින තැනට වැඩේ සෙට් වෙලා තියෙන්නේ. කූරු ගනින තැනට වැඩේ සෙට් වෙලා තියෙන්නේ.
00:20 : මේ රට බංකොලොත් කරපු උන්ට දැන් නැවත රැකවලෙක් අවශ්‍යයි.
00:23 : ඔන්න දැන් නයි මුගටි සියල්ල නැවත එක කොටයක් උඩට නගින්න පටන් අරගෙන තියෙනවා.
00:27 : ඇයි මුන් කවදාවත් ජනතාවගේ ප්‍රශ්න වලදී, ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් එකතු වුණේ නැති උන් -
00:32 : බලය පිහිටුවන තැනට උන්ගේ සියලු ප්‍රශ්න අමතක කරන්න ලෑස්තියි. උන්ගේ සියලු දේශපාලන මත ගැටුම් අමතක කරන්න ලෑස්තියි.
00:38 : සජිත් ප්‍රේමදාස රට වටේ ගිහිල්ලා, වෙන වෙන දේවල් කියලා වැඩක් නෑ.
00:41 : තමන්ගේ පක්ෂය, තමන්ගේ බලය, විපක්ෂයේ බලය අන්න කොහෙවත් ඉන්න, කිසිදු බලයක් නැති රනිල් වික්‍රමසිංහ ඩැහැ ගන්න හදනවා.
00:47 : ඒ ඩැහැ ගන්න හදන එකට රාජපක්ෂලා උඩ ගෙඩි දෙනවා.
00:51 : මොකද, දන්නවා රාජපක්ෂලව රකින්න මේ මොහොතේ හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහට කියලා.