Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක් වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගෙන ආ ගමන් මලු තුළ තිබූ කිලෝ 06යි ග්‍රෑම් 700ක් බර මෙම රත්‍රං තොගය, වාහන බෙයාරිං පද්ධති දෙකක් තුළ රන් බිස්කට් 21ක් ලෙස සහ වාහන සිසිලන පද්ධතියකට අදාල ජල පොම්ප කැබැලි තුළ, ඒ හැඩයට උණු කර සකස් කර තිබූ රන් කුට්ටි ලෙස සඟවා තිබුණු බවයි පොලීසිය සඳහන් කළේ.

ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ රක්ත මාවත ඔස්සේ ගමන් කරමින් සිටියදී අවුරුදු 26 හා 46 වයසේ පසුවන මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන් ගමන් වල නිරත වෙමින්, විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී තිබෙනවා.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරුවන් හා ඔවුන් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං තොගය අද (16) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.