Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

චිකුන්ගුන්‍යා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එම රෝග ව්‍යාප්තිය පිළිබඳ පසුගිය දෙසැම්බර් මාසයේ සිට බස්නාහිර පළාතේ තෝරාගත් රෝහල්වල ආවේක්ෂණ ක‍ටයුතු සිදුකළ බවත්, එහිදී බස්නාහිර පළාතේ රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවට හෙළිවූ බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග ඒකකය පැවසුවේ.

ඒ අනුව දිවයිනේ සියලු පළාත්වල චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම ආවේක්ෂණය ඇරඹූ බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

චිකුන්ගුන්යා රෝග වාහකයා වන්නේද ඩෙංගු රෝගය බෝ කරන ‘ඊඩ්ස් ඊජිප්ටයි’ සහ ‘ඊඩ්ස් ඇල්බොපික්ටස්’ යන මදුරුවන්ගෙන් වන අතර, හිසරදය, ඇස්වල ඇතිවන රතු පැහැති බව සහ ආලෝකය දෙස බැලීමේදී ඇස්වල ඇතිවන වේදනාව මෙන්ම උණ එම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වනවා.

රෝගයෙන් වැලකීම සඳහා මදුරුවන් බෝ නොවන පරිදි අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම වැදගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.