Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන ආයතනල බලය පිහිටුවීමේ සාකච්ඡාවලට සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ සාකච්ඡාවට සම්බන්ධ නොවීමට තීරණය කර ඇති බවයි පක්ෂ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් සඳහන් කළේ.

සන්ධානයක් හරහා බලය පිහිටුවීමක් සිදු නොකළ යුතු බවත් පළාත් පාලන ආයතනවල වෙන් වෙන්ව බලය පිහිටුවීමේදී ඒ ඒ පළාත්වල ජනතාවගේ මතය නියෝජනය කරමින් තීන්දු ගන්නා බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරද මෙම සාකච්ඡා සඳහා සහභාගී නොවන බවට දැනුම්දී ඇති බවයි වාර්තා වෙන්නේ.