ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ආජන්ටිනා ජනරජය, සිම්බාබ්වේ ජනරජය, ඊශ්‍රායලය, පිලිපීන ජනරජය, ටජිකිස්තාන ජනරජය, කාම්බෝජ රාජධානිය, සහ ඩෙන්මාර්ක් රාජධානිය සඳහා මෙලෙස නව තානාපතිවරුන් පත්ව ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ නිවේදනය සහ ඡායාරූප පහතින්.












