Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26 ක් අද (15) දිනයේදී වෙන්දේසි කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

විකිණීමට නියමිත මෙම සියලු වාහන වසර දහයක් ඇතුළත නිෂ්පාදිත වාහන වන අතර, මීට අදාළ මිල ගණන් කැඳවීම ඊයේ (14) දිනයෙන් අවසන් වූ බවයි සඳහන් වෙන්නේ.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ පළමු අදියර යටතේ මීට පෙර සුඛෝපභෝගී වාහන 14 ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 06 ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වා තිබුණා.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබාදී තිබූ වාහන නොවන බවත්, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී පත්කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිත කළ වාහන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.