ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ සැකයක් මත තලේබාන් රජය විසින් මෙම පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
2021 අගෝස්තු මාසයේදී බලය අල්ලා ගැනීමෙන් පසු, තලේබාන්වරු ඉස්ලාමීය නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර කාන්තාවන්ට ක්‍රීඩාවකට සහභාගී වීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.