අමෙරිකාව සහ චීනය එකිනෙකාගේ ආනයන මත පනවා ඇති තීරුබදු තාවකාලිකව අඩු කිරීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සඳහන් කරන්නේ දෙරට අතර දින 90 ක් සඳහා ඔවුන්ගේ අන්‍යෝන්‍ය තීරුබදු 115% කින් අඩු කරන බවයි.
චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය යන දෙකම සති අන්තයේ ස්විට්සර්ලන්තයේ වෙළඳ සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මේ බව නිවේදනය කර තිබෙනවා.