මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක් මියගොස් තිබෙනවා.
වෙසක් පොහොය වෙනුවෙන් විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දැරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ මිල්ලෑව ධම්මානන්ද මාවතේ පදිංචිව සිටි නව හැවිරිදි දැරියක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.