එකම පවුලේ පිරිසක් ගමනක් ගත් මෝටර් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කැරොලයිනා වත්ත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.
වැල්ලම්පිටියේ සිට නුවරඑළියේ සංචාරයක් සඳහා ගමන්ගත් මව, පියා, දියණිය සහ දියණියගේ දරුවන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා ඇති බවයි සඳහන් වෙන්නේ.
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ බස් රථයකට ඉඩදීමට යෑමේදී රියදුරුගේ පාලනයෙන් මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෝටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර ඇති අතර, දරුවන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.