කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසනවා.
අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයින් 16 හා කාන්තාවන් 05ක් ඇතුලත්ව පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන කොත්මලේ පොලීසිය විසින් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන ප්‍රපාතයකට පෙරළුණු බස් රථයේ කොටස් පස්වරුවේ ගොඩගෙන ඇති අතර පොලීසිය සහ යුදහමුදාව එක්ව විශාල දොඹකර ආධාරයෙන් මෙම බස් රථයේ කොටස් ගොඩට ගෙන තිබෙනවා.
පසුව එම කොටස් ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා කොත්මලේ පොලීසිය වෙත රැගෙනගොස් තිබෙනවා.





