Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉන්දියාව සහ පාකිස්තානය අතර එළැඹි සටන් විරාම එකඟතාව අගය කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

සටන් විරාමයක් සඳහා ගත් තීන්දුව දෙපාර්ශ්වයේම අහිංසක ජීවිත ගලවා ගැනීම සඳහා ඇති තීරණාත්මක එකඟතාවයක් පමණක් නොව, තිරසාර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පෙන්වා දෙන්නේ.

අති මහත් වූ ව්‍යසනයක් ඇති වීමට පෙර, ඉන්දියාවේ සහ පාකිස්තානයේ නායකයින් අර්බුදය විසඳා ගැනීම සඳහා වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීමට තීරණය කිරීම මගින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම් කරන බවත් ඉන්දියාවේ සහ පාකිස්තානයේ සමීපතම අසල්වැසියෙකු සහ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන්නේ මෙම සටන් විරාම එකඟතාව දිගුකාලීන ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමට තුඩු දෙන ප්‍රමුඛ පියවරක් වනු ඇති බව​ට බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ X පණිවිඩය පහතින්.