කයිවාරුවෙන් හෝ බොරුවෙන් රටවල් ගෙනයාමට නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර පවසනවා.
ආණ්ඩුව විසින් වෛරය පැතිරවීමට සතියෙන් සතිය කුමක් හෝ ලැයිස්තුවක් ඉදිරිපත් කරන බවත්, වෛරය, බොරුව හා කයිවාරුව නතර කර ආණ්ඩුව ඇත්තට මුහුණදිය යුතු බවයි අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
විපක්ෂයට ආණ්ඩුවට මෙන් ප්‍රතිපාදන නොමැති බවද, අඩුපාඩු පෙන්වා දීම විපක්ෂයේ වගකීම බවද, විපක්ෂයේ සිට අඩුපාඩු පෙන්වාදෙන විට එය ආණ්ඩුව දකින්නේ වැරැද්දක් ලෙස නම්, ආණ්ඩුවක් ලෙස අසාර්ථක බවද ඔහු ප්‍රකාශ කළා.
පසුගිය කාලයේ උද්ඝෝෂණ, වැඩ වර්ජන සිදුකර රට ගෙනයාමට ඉඩ නොදුන් පිරිස් බලයට පැමිණි පසු ප්‍රකාශ කරන්නේ ‘හූණු බිජුවක්වත් ඉල්ලන්න එපා' ලෙස බවත්, වත්මන් විපක්ෂය හූණු බිජුවක් ඉල්ලන් උද්ඝෝෂණය කරන්නට නොපැමිණි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.