Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

කොටහේන ප්‍රදේශයේ දැරියක් සියදිවි හානි කර ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

ඒ අනුව එම මියගිය දැරි‍ය​ගේ දෙමව්පියන් හෙට (09) දිනයේදී තමාව හමුවන බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ.

මෙම දැරිය දූෂණය වුණා කියන සිදුවීම සම්බන්ධයෙන් JMO වාර්තාවක් කැඳවා ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කරන ලෙස දැනුම්දුන් බවද ඇය ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍යවලින් යුක්තිය ඉටු කිරීමට නොහැකි බවත් නීතිය අතට ගෙන මේවාට පිළිතුරු සෙවීමට හැකියාවක් නොමැති බවයි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන පුද්ගලයා ජාතික ජන බලවේගයේ මැද කොළඹ ආසනයේ සංවිධායකවරයා බවයි.