Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

බලය රැක ගැනීම වෙනුවෙන් ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බවට සිතනවා නම්, තවත් තත්ත්වය දරුණු වූ පසු ඔවුන්ට එය තේරුම් යනු ඇති බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

තමන්ට ආරංචි ආකාරයට පඬුවස්නුවර මන්ත්‍රීවරයෙක් සඳහා ලක්ෂ 25 කුත්, කොළඹ මන්ත්‍රීවරයෙක් සඳහා කෝටි ‍02 කුත් වැනි මුදලක් ලබාදීමට විවිධ පිරිස් කතා කරමින් ඇති බවද ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පරණ පුරුදු මිලදී ගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින්, ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් එක්කෙනා දෙන්නා බිලි බා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.