කොළඹ පාසලක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කර ගැනීම හේතුවෙන් මතුවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මෙම සිදුවීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනියගෙන් නිදහසට කරුණු විමසීමටත්, අපයෝජන සිද්ධියට අදාල ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් පියවර ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.
මේ වනවිට මෙම සිද්ධියට අදාල පොලිස් විමර්ශන වාර්තාව කැඳවා ඇති අතර, එය ලද වහාම අදාල විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
