Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

සේවකයන්ගේ අයවැය සහන දීමනා පනත් සහ සේවකයන්ගේ ජාතික අවම චේතනය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ජාතික අවම මාසික හා දෛනික වේතනය ඉහළ නැංවීමට අදාළ වන පනත් සංශෝධනය කිරීම සඳහා 2025-04-07 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී තිබූ බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධනය කර, නීතිපතිගේ අවසරය ලැබී ඇති එම සංශෝධන පනත් කෙටුම්පත් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.