විභාග කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ඒ.කේ. සුභාෂිණි ඉන්දිකා කුමාරිගේ පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් තනතුරෙහි සේවය කරන ලද එච්.ජේ.එම්.සී.ඒ. ජයසුන්දරගේ සේවා කාලය 2025-05-06 දිනෙන් අවසන් වූ බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
නව කොමසාරිස්වරිය දැනට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස් තනතුරක සේවය කරනු ලබන අතර, ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් බවයි සඳහන් වෙන්නේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ මෙම යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.
