Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු වෑන් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදී මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද (08) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන් තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවද සඳහන්.

අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.