Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව, එකී යෝජනා අධ්‍යයනය කර, සති 03 - 06 අතර කාලයක් තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.

ජුනි-ජුලි මාස තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම්, අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.