Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගැනීමට පළමු දිනයේ හැකිවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව තවමත් පාප් වහන්සේ කෙනෙකු තෝරා නොගත් බවට සංඥා කරමින් සිස්ටීන් දේවස්ථානයේ චිමිනියෙන් කළු දුමාරයක් එළියට පිටකර තිබුණා.

කාදිනල්වරු අද (08) දිනයේ යළිත් සිස්ටීන් දේවස්ථානය වෙත රැස්වීමට නියමිත අතර එහිදී ඡන්ද වාර 4 ක් පැවැත්වෙනු ඇති බවයි වාර්තා වෙන්නේ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කාදිනල්වරුන් 133 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් ඕනෑම කෙනෙකුට ඊළඟ පාප්වරයා වීමට ඡන්දයෙන් තුනෙන් දෙකක් අවශ්‍ය වන අතර අයෙකු තෝරා ගන්නා තෙක් ඔවුන් දිගින් දිගටම ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙනවා.