යම් කිසි පළාත් පාලන ආයතනයක එක් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් සමස්ත සභික සංඛ්‍යාවෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ලබා නොමැති නම්, සභාපති ධුරය සඳහා පත්වන්නේ කවුද යන ප්‍රශ්නය සඳහා මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පිළිතුරු ලබාදී තිබෙනවා.
එහිදී පළාත් පාලන සහකාර කොමසාරිස්වරු විසින් පැහැදිලි ජයක් ලබා නොමැති පළාත් පාලන ආයතන වෙත ගොස්, එහි තේරීපත් වූ සභිකයන් සියල්ලම සමග සාකච්ඡා කර, ඔවුන්ගේ එකඟත්වයන් තුළ සභාපති ධුරය ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.
සමහර විටෙක එහිදී නම් යෝජනා කර ඡන්ද විමසීමක් සිදුවිය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.
කෙසේ හෝ සියළු සභිකයන්ගේ එකඟත්වයෙන් සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය තුළ දී පැහැදිලි බහුතරයක් නොමැති අවස්ථාවල මෙවැනි ප්‍රතිඵල ලැබිය හැකි බවයි මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් සඳහන් කර සිටියේ.