Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ට ඇහුම්කන් දී හොඳ ප්‍රතිඵලයක් ලබාදී ඇති බවත්, ඒ ගැන සතුටු වන බවත් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ම ජයග්‍රහණය කළ බවත්, ඒ සියල්ලේම බලය පිහිටුවීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

බලය පිහිටුවීම සඳහා කිසිසේත්ම වෙනත් කණ්ඩායම් සමග එකතුවීමට බලපොරොත්තු නොවන බවද, බෙදී විසිරී සිටියද ඒ සියළුම කණ්ඩායම් පසුගිය කාලයේ සිදුවූ අපරාධ, වංචා, දූෂණ සඳහා වගකිය යුතු අය බවද ඔහු සඳහන් කර සිටියා.

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය අවම වීම ආණ්ඩුව කෙරෙහි ඇති අප්‍රසාදයක් නොවන බවත්, පළාත් පාලන මැතිවරණවල සාමාන්‍ය ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය 55% - 65% පමණ වන බවත්, මෙවර ඡන්ද දිනය සතියේ වැඩ කරන දිනයක් වීමත්, අවුරුදු කාල සීමාව වීමත් ආදී කරුණු ද ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය අඩු වීමට හේතුවන්නට ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ වැඩිදුරටත් පවසා සිටියේ.