Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුවෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 22, 23 හා 24 වයස්වල පසුවන සිසුන් පිරිසක් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරන්නේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකු, එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් තමාට හෙල්මට් වලින් හා අතින් පයින් පහරදී තුවාල සිදුකළ බවට පසුගිය 29 වනදා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබූ බවත් ඒ අනුව සිදුකළ විමර්ශන අනුව මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.