Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 200 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

එම ප්‍රතිඵල අනුව ඡන්ද 2,539,042 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 1,195,349 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 574,391 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.

නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 200 අතුරින් පළාත් පාලන ආයතන 156 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 27 ක සහ සමගි ජන බලවේගය පළාත් පාලන ආයතන 6 ක බලය ලබාගෙන තිබෙනවා.