Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව ළමුන් දෙදෙනෙකු ඇතුළු හත් දෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර පාකිස්ථාන හමුදා විසින් ඉන්දීය ජෙට් යානා දෙකක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවට පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇති අතර ඉන්දියාවෙන් එය තවමත් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද්හි පිපිරීම් හඬවල් ඇසෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පාකිස්ථාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්ථානයට අයිතියක් ඇති බවත් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

මේ අතර ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ සමහර ප්‍රදේශවල පාසල් සහ විද්‍යාල වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.