“Sindoor මෙහෙයුම” දියත් කළ බව ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කරන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙන්නේ.
ස්ථාන නවයක් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළ බවත් කිසිදු පකිස්ථාන හමුදා ඉලක්කර ගැනීමක් සිදුකර නොමැති බවත් ඉලක්ක තෝරා ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයේදී ඉන්දියාව සැලකිය යුතු සංයමයකින් කටයුතු කරන බවයි ඉන්දීය රජය නිවේදනය කර තිබෙන්නේ.