පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 40 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
එම ප්‍රතිඵල අනුව ඡන්ද 252,884 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 131,869 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 58,446 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
එම නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 40 අතුරින් පළාත් පාලන ආයතන 31 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය පළාත් පාලන ආයතන 7 ක හපුතලේ නගර සභාවේ ස්වාධීන කණ්ඩායම 01 ,ජාතික කොංග්‍රසය පළාත් පාලන ආයතන එක බැඟින් බලය පිහිටුවීමට සමත්වී තිබෙනවා.
