Contact Information

Esana Media
46, Galle Road, Kalutara,
Sri Lanka

We're Available 24/ 7. Call Now.

පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පාසල් කිහිපයක් හැරුණු විට අනෙකුත් සියලුම පාසල් හෙට (07) නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ඊයේ (05) සහ අද (06) දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව පහත සඳහන් පාසල් හැර අනෙකුත් සියලුම පාසල් එළඹෙන 07 වැනිදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.