පළාත් පාලන මැතිවරණයේ මේ වනවිට පළාත් පාලන ආයතන 08 ක ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
එම ප්‍රතිඵල අනුව ඡන්ද 27,191 ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින අතර සමගි ජන බලවේගය ඡන්ද 17,249 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 7,588 ක් ලබා ගනිමින් තෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
එම නිකුත් වී ඇති පළාත් පාලන ආයතන 08 අතුරින් පළාත් පාලන ආයතන 06 ක බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වී ඇති අතර ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශීය සභාවේ සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 හපුතලේ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට සමත්වී තිබෙනවා.
තංගල්ල නගර සභාව, හපුතලේ නගර සභාව, අම්බලන්ගොඩ නගර සභාව, මන්තායි නැගෙහිර ප්‍රදේශීය සභාව, බලංගොඩ නගර සභාව, වත්තේගම නගර සභාව හා හික්කඩුව නගර සභාවේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී තිබෙනවා.
පළාත් පාලන මැතිවරණයේ සියළු ප්‍රතිඵල නිකුත් වූ සැණෙන් දැනගන්න හෙළකුරු ජනවරම බලන්න.
