තමා පළාත් පාලන මැතිවරණයට පෙර අවසන් රැළියේදී සිදුකළ ප්‍රකාශය මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ අදහසකින් ප්‍රකාශ නොකළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සිදුකර ඇත්නම් මැතිවරණ කොමිසම විසින් ගන්නා ක්‍රියාමාර්ග අග්‍රමාත්‍යවරියද කවුද නොව එය තමන්ටද අදාළ බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අගමැතිවරිය සඳහන් කළේ.
මීට පෙර චෝදනා පැමිණියේ මෙවැනි දේ සඳහා නොවන බවත් මීට වඩා බරපතළ කාරණා සඳහා බවත් ජනතාව කුඩා දෙයක් සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටීමට ඇතිවී තිබෙන වෙනස දේශපාලන වෙනසේ ලක්ෂණයක් බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.